අන්තර්ජාලයේ විවිධ වෙබ් අඩවි වල සැරිසරන එබට
ඇතැම් වෙබ් අඩවි වල අන්තර්ගතයෙන් සම්පූර්ණ දත්ත හා වැඩි දුර විස්තර ලබා ගැනීමට
අවහ්‍ය නම් එම වෙබ් අඩවියේ තමන්ගේ නමින් ගිණුමක් සාදා ගැනීමට සිදුවීම ඉතාම සාමාන්‍ය
දෙයකි.
Facebook, Twitter, Skype, Pinterest වැනි සමාජ වෙබ්
ජාල වල පමණක් නොව Ebay, Amazon, Ali Express වැනි වෙළඳ වෙබ් අඩවි වලද
මෙම තත්වය ඉතාම සුලබ අවස්ථාවක් ලෙස කිව හැකිය.එවන් ගිණුමක් සාදා ගන්නා විටදී
ශක්තිමත් මුර පදයක් යෙදීම ඔබ විසින් කල යුතු අනිවාර්ය කාරණයක් වන්නේ,එවිට කිසිඳු පුද්ගලයෙකුට hack කිරීමක් මඟින් ඔබගේ ගිණුමට ඇතුළත්
වීමට නොහැකි හෙයිනි.එබැවින් අන්තර්ජාලයේ ගිණුමක් සාදා ගන්නා විටදී Cyber හොරුන්ගෙන් ආරක්ෂා වනු
පිණිස ශක්තිමත් මුර පදයක් සාදාගන්නා ආකාරය මෙම ලිපියෙන් අවධාරණය කෙරේ.
මුලින්ම,සාමාන්‍යයෙන් මුර
පදයක් නිර්මාණය කර ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු හා උපදෙස් පිළිබඳ
ව අවබෝධයකින් සිටීම වැදගත්ය.
1.
සාමාන්‍යයෙන්
ගත් කල ශක්තිමත් මුර පදයක් සතුව අඩුම වශයෙන් අක්ෂර 12ක් වත් තිබිය යුතුය.දිගු මුර
පදයක් භාවිතා කළ විට එවැන්නක් hack කිරීම අපහසු වීම එයට හේතුවයි.
2.
ඊළඟට
සැලකිලිමත් විය යුත්තේ එවන් මුර පදයකදී භාවිතා කළ යුතු අක්ෂර වර්ග මොනවාද යන්නයි.සෑම
විටම ඒ සදහා ඉලක්කම්,අකුරු,සංකේත යොදා ගත යුතු අතර අකුරු යොදා ගැනීමේදී CAPITAL මෙන්ම
simple අකුරු වර්ග ම යොදාගැනීමෙන් මුර පදය වඩාත් ශක්තිමත් එකක් කර ගත හැකිය.
3.
සාමාන්‍ය
ශබ්ද කෝෂයේ අඩංගු වන පද වෙනුවට කළාතුරකින් භාවිතා වන වචන යොදාගැනීමට හැකි තාක්
උත්සාහ කළ යුතුය.
4.
එසේම
අනෙක් වැදගත් කාරණය නම් කුමන හෝ වචනයක් වුවද අප වෙනස් කර ලිවීමේදී සාමාන්‍යෙයන්
ඕනෑම කෙනෙකු විසින් භාවිත කළ හැකි ක්‍රමයක් යොදා නොගෙන ඔබ විසින් මවාගත් ක්‍රමයකින්
එම වචනය වෙනස් කර ලිවීම වැදගත්ය.
උදා:- house යන වචනය
මුර පදයක යොදන විටදී house යන්නෙහි o වෙනුවට 0 යොදා ලිවීමට බොහෝ දෙනා පෙළෙඹෙයි.එම
නිසා එවන් වචන නිර්මාණය කරගන්නා වෙනත් ආවේණික ක්‍රමයකට ලිවීම වඩා ආරක්ෂාකාරීය.
ඉහත කරුණු තෘප්ත කරන
ශක්තිමත් මුර පදයක් ලෙස LittlePacket$1000
යන්න ගත හැකිය.එය CAPITAL හා simple අකුරු,සංකේත හා
ඉලක්කම් වල සංයුතයක් වේ.
5.
ඊළඟ කරුණ
නම් සංකේත,ඉලක්කම් ආදිය මුර පදයේ අගට යොදනවාට වඩා මැද හෝ මුල යෙදීමෙන් එය තවදුරටත්
ශක්තිමත් එකක් බවට පත් කර ගත හැකිය.
ඉහත කරුණු සියල්ලම
සැලකිල්ලට ගනිමින්5 *3u%@P483T#yVB!^4
වැනි මුර පදයක් අපි විසින් නිර්මාණය කරගත්තා යැයි
උපකල්පනය කරමු.මෙය ඉතාම හොඳ ශක්තිමත් මුර
පදයක් වුවද කිසිදු පිළිවෙලක් රහිතව සකස් කර ගන්නා ලද ඉලක්කම්,අකුරු හා සංකේත වල
සංකලනයක් වන නිසා මතක තබා ගැනීම ඉතාම අපහසුය.
යුද්ධෙට නැති කඩුව
කොස් කොටන්නද කියන්නාක් මෙන් කොතරම් ශක්තිමත් මුර පදයක් යෙදුවද අවශ්‍ය විටදී එය
සිහියට නොපැමිණෙයි නම් එයින් පලක් නොමැත.එබැවින් ශක්තිමත් මුර පදයක් දීම මෙන්ම,එය
මතක තබා ගත හැකි ආකාරයේ එකක් වීමද හැම විටම වැදගත්ය.
Mother
said that I was little age @1995, but I am big now
මෙවැනි වාක්‍යයක් මුර පදයකට පෙර ලෙන්නේ කෙසේදැයි දැන්
බලමු.මෙහි ඇති සෑම වචනයකටම පළමු අකුර යොදාගෙන MstIwla@1995,bIabn
වැනි මුර පදයක් නිර්මාණය කර ගැනීමට ඔබට හැකිය.මෙවන් මුර පදයක් වෙනත් කෙනෙකුට අනුමාන කිරීම අපහසු
මෙන්ම,දිගින් යුතු වීම නිසා ඉතාම හොඳ වර්ගයේ මුර පදයක් ලෙස සැලකිය හැකිය.














